කොවිඩ්-19 වෛරසයේ (කොරෝනා වෛරසය) ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය අත්‍යන්ත සටන් තරගාවලි ( UFC) පෞද්ගලික දූපතක පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ලෝක අත්‍යන්ත සටන් තරගාවලියේ සභාපති ඩැනා වයිට් පවසයි.
යූඑෆ්සී සභාපති ඩැනා වයිට් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ්-19 වෛරස් අර්බුදය තුළ දිගටම සටන් පැවැත්වීම සඳහා පෞද්ගලික දූපතක් තෝරාගැනීම සුරක්ෂිත බවයි.
ඒ අනුව යූඑෆ්සී ඉදිරි තරග අප්‍රේල් මස 18 වන දින කලින් හෙළි නොකළ ස්ථානයක සිට පැවැත්වීමට නියමිතය.
පසුගිය මාස කිහිපය තුළදී යූඑෆ්සී තරග තුනක් කල් දැමීමට සිදුවූ බවත් එහෙත් මෙම මස සිට යළිත් ජාත්‍යන්තර සටන් සඳහා දින දර්ශනය නැවත ආරම්භ කරන බව වයිට් පවසයි.
කෙසේ වෙතත් තරග පැවැත්වීම සඳහා මෙතෙක් පෞද්ගලික දූපතක් නම් කර නොමැති බවත් ස්ථානයක් සොයා ගැනීමට තවත් දිනක් හෝ දෙකක් ගතවනු ඇති බව යූඑෆ්සී සභාපතිවරයා වැඩිදුරටත් විදෙස් මාධ්‍යයට පවසා තිබුණි.