ලොව පුරා පැතිරීයන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට බිලිවීමෙන් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ජීවීතක්ෂයට පත්වී ඇත. සෆර් සෆ්රාස් නැමති මෙම ක්‍රීඩකයා පාකිස්ථානය වෙනුවෙන් පළමු පෙළ තරග වලට සහභාගි වූ ක්‍රීඩකයෙකු වන අතර ඒ අනුව මෙම වසංගතයෙන් මියගිය පළමු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහු වේ.
මියයන විට 50 හැවිරිදි වියේ පසුවූ සෆ්රාස් නිරෝගී දිවිපෙවතක් ගත කළද මෙම මස ආරම්භයේදී කොරෝනා ලක්ෂණ පෙන්නුම් කළ නිසා පේෂාවර් හි පිහිටි රෝහලකට ඇතුලත් කළ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විදෙස් මාධ්‍ය වෙත පැවසූහ.
අනතුරුව ඔහුගේ තත්වය ක්‍රමයෙන් නරක අතට හැරී ඇති අතර අනතුරුව ඔහු ඊයේ (14දා) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව අද (15දා)වන විට මිලියන දෙක ඉක්මවූ අතර ඉන් පාකිස්ථානයේ ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට හයදහසක් පමණ වේ. ඉන් මියගිය ප්‍රමාණය 107 ක් වේ.