සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් නතර කරන විට පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ කඩුළු 4ක් දැවී 185ක් රැස් කරගෙන සිටියේය.