සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති දෙවැනි ඒක්දින තරගයෙන් කඩුළු 6 ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුනු අප්‍රිකාව සමත්වීමත් සමගින් ක්‍රිකට් පොත් අළුත් කිරීමට මෙම කණ්ඩායම් ද්විත්වය සමත්විය.
ක්‍රිකට් පිටියේ ඔ්නෑම ආකාරයක විස්සයි විස්ස තරගයක සාර්ථකවය හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම තරගයේදී වාර්තා විය. මීට පෙර විස්සයි විස්ස පිටියේ සාර්ථකම ලකුනු හඹා යාම වාර්තා වූයේ 2022 වර්ෂයේදී බල්ගේරියාව විසින් සර්බියානු කණ්ඩායමට ඒරෙහිවය ඒ් ලකුනු 242 ක් හඹා යමිනි.
ඒමෙන්ම විස්සයි විස්ස පිටියේ කණ්ඩායම් දෙකේම වැඩිම ලකුණු ඒකතුවක් වාර්තා වූ තරගයද මෙය විය. මෙහිදී කණ්ඩායම් දෙකම ලකුණු 517 ක් වාර්තා කළහ. මීට පෙර පාකිස්ථානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය මාර්තු 11 වැනිදා පැවති කටා ග්ලැඩියේටර්ස් හා මූල්තාන් සුල්තාන්ස් අතර තරගයේදි වාර්තා වූ 515 කණ්ඩායම් දෙකක් අතර වාර්තා වූ වැඩිම ලකුනු වාර්තාව විය. මීට අමතරව ක්‍රිකට් පිටියේ කණ්ඩායම් දෙකේම ලකුණු ඒකතුව 500 ඉක්මවූ ඒකම තරගය වූයේ දකුනු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ටයිටන්ස් හා නයිට්ස් අතර පැවති තරගයේදීය ඒහිදී කණ්ඩායම් ද්විත්වයම ලකුණු 501 ක් වාර්තා කළහ.
මීට අමතරව මෙම තරගයේදී සමස්ථ හයේ පහර 35 ක් වාර්තා වූ අතර ඒය අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවති විස්සයි විස්ස තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය. මීට පෙර 2016 වර්ෂයේදී ෆ්ලෝරිඩාහිදී පැවති ඉන්දු-කොදෙව් විස්සයි විස්ස තරගයේධී හයේ පහර 32 ක් කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වී තිබිණ.