සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ඒ දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද කඩුලු 5කින් ජයගනිමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 273/8ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම පන්දුවාර 49.4කදී කඩුලු පහක් දැවී තරගය ජය ගත්තේය.
කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් එවින් ලුවිස් (103) හා ෂායි හෝප් (84) පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 192ක සබඳතාවක් පවත්වමින් තරගයේ ජය කොදෙව් කණ්ඩායම වෙත ලබාගැනීමට අඩිතාලම දැමීය.