නවසීලන්තය සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සිය ඉවත්වීම නිවේදනය කරමින් විලියම්සන් පවසන්නේ නායකත්වය නිසා තමන් පිටියෙන් තුලදී මෙන්ම ඉන් පිටතදීද කාර්යබහුලත්වයට පත්වූ බවත්, මෙය නිවැරදි තීරණයක් ලෙසින් තමන් විශ්වාස කරන බවත්ය.
2016 වර්ෂයේ පටන් කේන් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හෙබවූයේ එහි හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම්ගෙන් අනතුරුවයි.
ටෙස්ට් පිටියේ දක්ෂ පිතිකරුවෙකු වන විලියම්සන් නවසීලන්තය තරග 40 ක් කරා මෙහෙයවමින් ඉන් 22 ක් ජයග්‍රහණයක කරවීමට සමත්වී ඇත.
එහිදී පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් සංවිධානය කළ ටෙස්ට් ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා සිය කණ්ඩායම මෙහෙයවීමට ඔහු සමත්වීම කැපී පෙණින. මේ අතර විලියම්සන්ගෙන් හිස්වන කණ්ඩායමේ නායකත්වය වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට හිමිවී ඇත.
මේ අතර ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වුවද විලියම්සන් එක්දින හා විස්සයි විස්ස නායකත්වයේ දිගටම රැඳී සිටින බව නිවේදනය කර ඇත.