ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ කුසල් ලකුණු 24ක් රැස්කරමින් සිය ලකුණු 2000 සීමාව පසුකළේය.
තරගය ආරම්භ කිරීමට පෙරාතුව ඔහු ටෙස්ට් තරග 27කදී ලකුණු 1997ක් රැස්කරගෙන තිබුණි. ඒ අනුව අද රැස්කළ ලකුණු 24ත් සමගින් කුසල්ගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2021ක් බවට පත්විය.