සත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සිය පන්දුවාර 20 ට කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.
ශ්රී ලංකාව වෙනුවෙන් දක්ෂ ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස ලකුනු 73 ක් පන්දු 48 ක් තුළ වාර්තා කලේ හතරේ පහර 6 ක් හා හයේ පහර 5 ක් සමගිනි. මෙය කුසල්ගේ 12 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය විය. ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා පන්දු 21 කදී ලකුනු 33 ක් රැස් කලේය.
පන්දු යැවීමෙන් නවසීලන්තය වෙනුවෙන් බෙන් ලිස්ටර් කඩුළු 2 ක් දවා ගත්තේය.