ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ වන විට තරමක පසුබෑමක සිටින නවක පිතිකරු කුසල් මෙන්ඩිස්ට ටික කලකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් අවශ්‍ය බවට තමන් සිතන්නේ යැයි ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
කුසල් මෙන්ඩිස් ආසන්න කාලයේදී පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට මහේල කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. කුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.