සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය කඩුලු හතරකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ හෙයිනි.
මෙම තරගයේ නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින් දරූ අතර ඔහු කණ්ඩායම මෙහෙයවූ පළමු තරගයෙන්ම ජය ගැනිමට සමත්වීම කැපී පෙනේ.
ඊයේ දිනයේදී තරගය නිමා කරන විට ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 63ක් අවශ්‍ය සිටි අතර කුසල් මෙන්ඩිස් හා ඩිල්රුවන් පෙරේරා පන්දුවට පහරදෙමින් සිටියහ.
බාබඩෝස්හි පැවැති ටෙස්ට් තරගයක් ජයගත් පළමු ආසියාතික රට ලෙසින්ද ලංකාව වාර්තාව අතරට එක්විය.
කෙසේ වෙතත් අද දිනයේදී කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර ආබාධයකින් අනතුරුව කණ්ඩායම සමග එක්වූ කුසල් පෙරේරා ඩිල්රුවන් පෙරේරා සමගින් එක්ව තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අද තරගයේ සිවුවැනි දිනය විය.
පළමු තරගය කොදෙව් කණ්ඩායම ජයගත් අතර අතර දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්විණ.
කොදෙව් පළමු ඉනිම 204//0
ශ්‍රී ලංකා පළමු ඉනිම 154/10
කොදෙව් දෙවැනි ඉනිම 93/10
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 144/6