සිය කළවයේ ආබාධයට නැවත වරක් ලක්ව ඇති ප්රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අද පැවැත්වෙන එංගලන්ත එක්දින තරගය හා ඉදිරි තරග දෙකද අහිමි වී තිබේ.
ශ්රි ලංකා ක්රිකට් ආයතනය අද නිවේදනය කළේ ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවන බවයි. පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයද මේ දක්වා වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.