එංගලන්ත තරග සංචාරයේ දී ඇතිවූ උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇත.
මේ වන විට ඔහු අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත්,පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක් නොවී තිබිණි.
ඉන්දීය තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි අද (15) දිනයේ දී අවසන් තීරණයක් ගනු ඇත.