සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම හේතුවෙන් මෙම තරගය ඔහුගේ නමින් නම්කර තිබේ.
තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද ජයගැනීමට සමත්ව සිටින්නේය.
ශ්‍රී ලංකාව වෙනස්කම් හතරක් සහිතව මෙම තරගයට ක්‍රීඩා කරයි. ඒ අනුව දෙවැනි තරගයට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන හා නුවන් ප්‍රදීප් වෙනුවට දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග හා කසුන් රාජිත කණ්ඩායමට කැඳවමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, අකිල ධනංජය, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, කසුන් රාජිත, ළහිරු කුමාර