මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් අයි.පී.එල්. තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු එළඹෙන (2023) තරගවාරයේ පටන් ඔහුට මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කොදෙව් දේශයෙන් බිහිව අයි.පී.එල්. පිටියේ සාර්ථක ගමනක් ගිය පොලාඩ් 2010 වර්ෂයේ සිට 2022 දක්වා අඛණ්ඩව තරගාවලි 13 ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් ක්‍රියා කිරීමට සමත්විය.
එහිදී ඉනිමක පිතිකරණ සාමාන්‍යය 28.67 ක් ලෙස පවත්වා ගත් පොලාඩ් 147.32 ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගැනීමටද සමත්වූයේ කණ්ඩායමේ මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසිනි.
කෙසේ වෙතත් ඔහු මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් ක්‍රියාකරන අතරතුරම එ.අ.එමීර් රාජ්‍යෙය්දී ආරම්භ කිරීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ එම්.අයි. එමිරේට්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට නියමිතය.