ශ්‍රී ලංකා කාත්නා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 6කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට අමතරව ක්‍රිකට් කණ්ඩායම සමග සිටි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිම්බාබ්වේ වෙත ගොස් සිටියි.
ඒ එක්දින ලෝක කුසාලන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙනි. කෙසේ වෙතත් තරගාවලිය අත්හැර දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමත් සමග ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාවද කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අහිමිවිය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට මීට ඉහතදී කොවිඩ් ආසාදනය විය.