බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක නවසීලන්තයේ ජාතික ක්‍රේග් මැක්මිලන් තම පියාගේ අභාවය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව තිබේ.
පසුගිය මාර්තු මාසයෙන් අනතුරුව ලොව පුරා වසංගතයක් ලෙස පැතිරුණු %කොවිඩ්-19^ වසංගතයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පළමු සංචාරය මෙය වන අතර, මැක්මිලන් මේ මස අගදී සංචිතයට එක්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (බී.සී.බී.) ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි පවසා සිටියේ සිදුවූ අනපේක්ෂිත අවාසනාවන්ත තත්ත්වය සලකා බලා මැක්මිලන්හට සංචාරයෙන් ඉවත්වීමට අවසර ලබාදුන් බවයි.
නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වසර පහකට ආසන්න කාලයක් කටයුතු කල මැක්මිලන් පසුගිය මාසයේ බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු ලෙස පත්වීම් ලැබුවේය. ඒ එතෙක් කලක් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කල දකුණු අප්‍රිකාවේ නීල් මැකෙන්සි වෙනුවටය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තවත් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණද, ශ්‍රී ලංකාවට පැමිණි පසු බංග්ලාදේශ ක්‍රීඩකයින් සඳහා නිරෝධායන කාලය ලිහිල් කිරීමේ බී.සී.බී. යෝජනාව ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලිය පැවැත්වීම තවමත් ස්ථිරවී නොතිබුණි.