නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව සමාජීය දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සංවිධානය කළ හැකි ක්‍රීඩා ඉසව් පිළිබඳව අවධානය යොමුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහිදී තනි එළිමහන් ක්‍රීඩා පිළිබඳව අවධානය යොමුකරමින නැවත ක්‍රීඩා කරයටුත ආරම්භ කරන්නේ කවදාදැයි තීරණය කරන බවත් විවේක ක්‍රීඩා නැවත ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමුකරන බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පෙන්වා දෙයි.