ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නලු නිළියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සත පහක් හෝ වියදම් කර ඇතැයි යම් අයෙක් ඔප්පු කළොත් තමන් ඇතුළු පිරිස ධුරවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ බොලිවුඩ් නලු නිළියන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ශනය වර්ධනය වී ඇති බවත් ඔහු පැවැසීය.
එසේම ඇතැම් අවස්ථාවලදී නලු නිලියන් වෙනුවෙන් ලිපි නිකුත් කර ඇති බව ඔහු පැවැසීය.
ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ බවත් ඔහු නලු නිලියන් ආශ්‍රය කරන්නේ නැතිව හිරකරුවන් ආශ්‍රය කරන්නදැයි මෙහිදී ශම්මි සිල්වා මහතා ප්‍රශ්න කළේය.
එසේම ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කිරීමක් සිදු නොකරන ලෙසත් අවශ්‍ය නම් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට චෝදනා කරන ලෙසත් ඔහු මෙහිදී පැවැසීය.
මෙහිදී ජයන්ත ධර්මදාස මහතාද පැවැසුවේ තමන්ද ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර නොමැති බවත් ක්‍රිකට් ආයතනයට එන්න උත්සාහ කරන පිරිසක් මෙම අසත්‍ය ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.