ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලියේ මින් ඉදිරියට පැවැත්වෙන සෑම තරඟයක්ම ප්රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
තරඟ පැවැත්වෙන ඉන්දියාවේ මහරස්ත්රා ප්රදේශයෙන් ‘කෝවිඩ් - 19’ වෛරසය වැළඳුණු සිදුවීම් 10ක් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව ඉන්දියාව ගෙන යන වැඩසටහන් වලට සහයෝගයක් වශයෙන් ප්රේක්ශකයන්ගෙන් තොරව තරඟ පැවැත්වීමට තීරණය කර තිබේ.
මීට අමතරව හෙට පැවැත්වීමට නියමත ශ්රී ලංකා ප්රවීනයන් සහ දකුණු අප්රිකානු ප්රවීනයන් අතර තරඟයේ සිට පූනේහි ගහුන්ජ් හි එම්.සී.ඒ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟ අවලංගු කර නවී මුම්බායි හි ඩී.වයි පටිල් ක්රීඩාංගණයේ පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.
තරඟ වෙනුවෙන් මිලදී ගනු ලැබූ ටිකට් පත් වල මුදල් නැවතත් ලබා දීමටද සංවිධායකයින් කටයුතු කර තිබේ.