ඉදිරි ක්‍රිකට් නිලවරණයට තමා ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
තමා සභාපති ධුරය දරන කාලයේදී ක්‍රිකට් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ බවත්, ආයතනයේ තිබූ සියලුම ණය මුදල් ගෙවා දැමීමට හැකි වූ අතර, මීට අමතරව රුපියල් මිලියන 2000ක් ඉතුරු කර දීමට හැකි වූ බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.