ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට දුරකථනයෙන් තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව අද (04දා) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
"ක්‍රිකට් ආයතනයේ ෂම්මි සිල්වලා ලියලා තිබුණා අයි.සී.සී එකට, ලංකාවේ ක්‍රිකට්වලට දේශපාලන අතපෙවීම තිබෙන නිසා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. මේක තමයි ඇත්තටම ප්රශ්නය තියෙන්නේ.
මව් සංගමයට තමයි මෙහේ ඉන්න සංගම් ලියන්නේ. නැත්තන් දේශපාලඥයන්ට ලියන්නේ නෑ. ක්‍රිකට් නම් අයි.සී.සී එකට, පාපන්දු නම් ෆිෆා එකට. එයාලා ලියනයවා අපේ කටයුතුවලට දේශපාලන අතපෙවීම් තියෙනවා, ඒක නිසා මේක තහනම් කරන්න කියලා. ඒ ක්‍රමවේදය හරිද වැරදිද කියලා මම කියන්නේ නෑ. අපි පිටින් බැලුවොත් ඒක වැරදියි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මව් සංගමයට.
රොෂාන් රණසිංහ මහත්මයා විශාල උත්සාහයක් ගත්තා ක්‍රීඩාවේ විනිවිද භාවයක් ගේන්න. නමුත් යම් යම් තැන්වලදී ඒ කරපු ක්‍රමවේදය තුළ අඩුපාඩු ටිකක් සිදු වුණා කියලා මම පෞද්ගලිකව හිතනවා. පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෝගය එතුමාට තිබුණු වෙලාවේ පනතක් සම්මත කරලා, මේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතුමාට තිබුණු සම්පූර්ණ ප්‍රශ්න ටික විසඳගන්න තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩාව පුළුවන් තරම් ඉක්මනට දේශපාලනකරණයෙන් ඉවත් කර ගන්න ඕන. දැන් වෙලා තියෙන්නේ ලොකුම රැල්ල තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නිසා, හැමෝම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනවා.
ඒ වගේම තව වැරැද්දක් වුණා. ක්‍රිකට් ක්රීඩකටන්ට ලැබෙන වැටුප්, කෝච්ලාට ලැබෙන වැටුප් ගැන සමාජයේ කිව්වම ලොකු වෛරයක් ඇති වෙනවා. ඒකෙන් මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවිශ්වාසය ඇති වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් 10කින් යුක්ත තේරීම් කමිටුවක් එවලා තියෙනවා. දැනට තීරණය කරලා තියෙනවා උපුල් තරංග කියන තරුණ ක්‍රීඩකයාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කමිටුව පත් කරන්න.
මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් මම අයි.සී.සී. එකත් සමග සාකච්ඡා කළා. නොබෝදිනකින් අපේ තහනම ඉවත් කරන බවට ඔවුන් දුරකථනයෙක් කල සංවාදයකදී ප්‍රකාශ කළා. ඔවුන් සඳහා ලිපිය ලබා දෙන්න ඕන. එය සතිය තුළ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ෂම්මි සිල්වලාට තියෙන සෑම චෝදනාවක්ම මම අයි.සී.සී. එකට ඉදිරිපත් කරනවා. විගණකාධීපති වාර්තාවත් ඔවුන්ට ඉදිරිපත් කරනවා. ඒකට හේතුව අයි.සී.සී.යේ තමයි සල්ලි. අපි ගෙනාපු නීතියක් තියෙනවා දූෂණ විරෝධී පනත. ඒ හරහා මොවුන් වරදක් කරලා තියෙනවා නම්, නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අනුව මේ තහනම ඉවත් කරගන්නවා සමගම අපිට නිර්දේශයක් දෙන්න කියලා මේ චෝදනා සම්බන්ධයෙන්" යැයි පැවසීය.