ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන නජී.ටී. නිරෝෂන් මහතාට කොවිඩ් ධනාත්මක වී තිබේ.
ඒ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ධනාත්මක වීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්,පුහුණුකරුවන් හා සහායක කාර්ය මණ්ඩලයේ ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුවය.
මේ වන විට ඔහු සෞඛ්‍ය උපදෙස් අනුව කටයුුතු කරමින් සිටින බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.