බංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්රි ලංකා වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.
තරගය ලබන සෙනසුරාදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. කසුන් රාජිත බංග්ලාදේශය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගැනිමට සමත්විය.
කසුන් රාජිත වෙනුවට අසිත ප්රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇතත් ශ්රී ලංකාව තම කණ්ඩායමේ අවසන් සංයුතිය තවමත් තීරණය කර නොමැත.
පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම සඳහා රාජිත යළි ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.