සංචාරක එංගලන්ත කණ්ඩායමට වාර්තා ගත පරාජයක් අත්කර දෙමින් දිගින් දිගටම එක්දින පිටියේ අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (23දා) සමත්විය.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණඩායම අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයේදී ලකුනු 219ක ජයක් වාර්තා කරමිනි.මෙම තරගයේදී කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අංශ තුනේම වර්ධනයක් දක්නට ලැබුණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවා 50 තුළදි කඩුලු 6ට ලකුණු 366ක් රැස්කිරීමට සමත්විය.
දික්වැල්ල (95), චන්දිමාල් (80), කුසල් මෙන්ඩිස් (56), සදීර සමරවික්‍රම (54) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ශක්තිමත් කළහ.
එකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී ලංකාව මෙම දක්ෂතා දැක්වීමට. සදීර අද රැස්කළේ මංගල එක්දින අර්ධ ශතකයයි.
කුසල් හා චන්දිමාල් අර්ධ ශතක රැස්කළේ 2017 වසරේ අගෝස්තු මාසයෙන් පසුවය. මෙය ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමකට එරෙහිව එක්දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි.
ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවාර 26.1කදී කඩුලු 9ට ලකුණු 132ක් ලබාගත්තේය. ර් අනුව තරගයේ ජයග්‍රහණ හිමිකර ගැනීමට අවශ්‍යව තිබුණෙන්ම් තවත් ලකුණු 212 රැස්කර ගත යුතුව තිබුණි.