වත්මන් 'කෝවිඩ්-19' වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන අසල්වැසි ඉන්දියාවට පිළිසරණක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු.ලක්ෂ 97ක්) මුදල් ප්‍රදානයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කටයුතු කළේය.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන කමින්ස්, ඉන්දියාවේ රෝහල් තුළ හිඟයක්ව පවතින ඔක්සිජන් සපයා ගැනීම සඳහා මෙම මුදල අගමැති දායකත්ව අරමුදලට පරිත්‍යාග කර ඇත.
මෙහිදී කමින්ස් සිය ට්විටර් ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් සිය සහෝදර ක්‍රීඩකයන්ගෙන්ද ඉල්ලා සිටියේ, 'කෝවිඩ්-19' වසංගතයේ දෙවැනි රැල්ල සමග සටන් වදින ඉන්දියාවට පිහිටවීමට එක්වන ලෙසයි.
ඉන්දියාව තුළ අද (26දා) දිනයේ පමණක් ලක්ෂ 3.53කට අධික ආසාදිතයන් හඳුනගත් අතර, එය පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට ලොව වාර්තා වූ ඉහළම අගය වෙයි.
මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී පැට් කමින්ස් ඉ.රු. කෝටි 15.50ක මුදලකට නැතහොත් ශ්‍රී.ල. රු. කෝටි 40.3කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත්තේය.