විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.
මෙම තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී පැවැත්වේ. ඔස්ට්‍රේලියාව සිය 5 වැනි විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් මෙහිදී තරග වදින අතර දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලානයක අවසන්මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.