ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සීමිත පන්දුවාර පිටියේ වාර්තා කිහිපයකට උරුමකම් කියන ෆින්ච් ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සාර්ථකම විස්සයි විස්ස නායකයා හා පිතිකරුවා ලෙසින්ද හැඳින්විය හැක. ඒ 2021 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සිය රටට හිමිකරදෙමින් එවැනි දස්කමක් කළ පළමු ඔස්ට්‍රේලියානු නායකයා බවට පත්වෙමිනි.
විස්සයි විස්ස ඉනිම් 103 කදී ලකුණු 3120 ක් රැස් කරගෙන ඇති ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභීයාද වේ. එමෙන්ම තරග 76 ක් ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස පිටියේදී මෙහෙයවා ඇති ෆින්ච් ලොව වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් මෙහෙයවූ නායකයා ලෙසින්ද වාර්තාවක් පිහිටුවා ඇත. එමහ තරග අතරින් 40 ක්ම ජයග්රහණ්ය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත. 2018 වර්ෂයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිය රැස්කළ ලකුණු 172 විස්සයි විස්ස පිටියේදී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ඉනිම ලෙස අදටද වාර්තා අතර රැදී ඇත.
මේ වන විට 36 හැවිරිදි වියේ පසුවුවද පිතිකරුවෙකුට අමතරව දක්ෂ පන්දු රකින්නෙකු ලෙසින්ද ෆින්ච් ප්රකටය.
කෙසේ වෙතත් 2024 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා තමන්ට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව වැටහෙන බවත්, මෙය සමුගැනීමට සුදුසුම කාළය බවත් ෆින්ච් මෙහිදී පවසා ඇත.