ප්රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.
තුන්හුලස් හැඩය ගන්නා මෙම තොප්පිය උතුරු යුරෝපානු ජාතීන් අතර ජනප්රිය Phrygian cap ආකෘතිය ගනියි. මෙය ඇමරිකානු හා ප්රංශ විප්ලවයෙන් නිදහස් වීම සිහිගන්වනක් වීම හා මෙහි ඇති විනෝදාත්මක හැඩය එළඹෙන තරගාවලියට මෙය සංකේතාත්මකව තෝරාගැනීමට හේතුවක් වී ඇත.
රතු පැහැයෙන් යුක්ත මෙම Phrygian cap ආකෘතිය නිළ වශයෙන් අද (14දා) එළි දක්වා ඇත.
2024 වර්ෂයේ ජූලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්රංශයේදී පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත එළඹෙන ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ 33 වැනි ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.