ඩෙන්මාර්කය හා ටියුනීසියාව අතර ඩී කාණ්ඩයේ පැවති තරගය ජය පැරදුමින් තොරව අවසන්විය. දෝහා හි එඩියුකේෂන් සිටි ක්රීඩාංගණයේදී පැවති තරගයේ ගෝල වාර්තා කිරිමට කණ්ඩායම් දෙකටම අවස්ථා ලැබුණද ඒවා සාර්ථක කර ගැණීමට කිසිදු කණ්ඩායමක් සමත් නොවීය. අන්තර්ජාතික පිටියේදී ඩෙන්මාර්කය 10 වැනි ස්ථානයේ පසුවන අතර ටියුනීසියාව පසුවන්නේ 30 වැනි ස්ථානයේයි.
මෙම තරගයේදී ඩෙන්මාර්ක මැදපෙළ ක්රීඩක ක්රිස්ටියන් එරික්සන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කිරිමට සමත්විය. ඔහු 2020 වර්ෂයෙන් පසු ඩෙන්මාර්කය වෙනුවේන අන්තර්ජාතික පිටියට පිවිසි පළමු අවස්ථාව විය. එම වසරේ පැවති යුරෝපානු කුසලාන පාපන්දු තරගාවලියේ තරගයක් අතරතුරදී එරික්සන් හදිසි හෘදයාබාධයකට මුහුණ දුන් අතර ජීවිතාරක්ෂක කණ්ඩායම් වහාම ක්රියාත්මක වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැණීමට හැකිවිය.
එරික්සන්