බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.
අනතුවරු දෙවන ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස් කළේය.
ඒ අනුව ජයග්රාහී ලකුණු 95ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 98ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
මෙහිදී ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී වේගවත් ලෙස ලකුණු රැස් කරනු දක්නට ලැබිණි.
මෙම තරගාවලියේ තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජයද හිමි කරගනු ලැබුවේය.