ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින් එංගලන්ත විනිසුරුවරයෙකු වන Michael Gough මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.
ඔහුට ඔක්තෝබර් 28 වනදා සිට දින හයක කාලයක් සදහා තරගාවලියට සම්බන්ධ වීමේ තහනමක් ද ජගත් ක්රිකට් කවුන්සලය විසින් පනවා තිබුණි.
දින 6ක තහනමෙන් පසුව ඔහු යළි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත් මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත.