ශ්රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව කණ්ඩායම හුදෙකලා කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් ආසාදනය වී ඇති ක්රීඩකයන් කවුරුන්ද යන්න එංගන්ත ක්රිකට් මණ්ඩලය ප්රකාශයට පත්කර නොමැත.
එංගලන්ත ප්රධාන කණ්ඩායම මෙසේ හුදෙකලා කිරීමත සමග පාකිස්තානය හා පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනත් එංගන්ත කණ්ඩායමක් යොදවාගෙන ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
මෙම කණ්ඩායමේ නායකයා ලෙස බෙන් ස්ටෝක්ස් පත්කර තිබේ.