එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අද දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වූහ.
මේ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් , ජේම්ස් ඩොරිස්, කීටන් ජෙනින්ග්ස්, ජොනි බෙයාර්ස්ටෝ සහ ඔලි ස්ටෝන් ඇතුලු ආරක්ෂක නිලධාරීන් හා කලමනාකාරීත්වයෙන් නිලධාරීන් පිරිසක් මෙම බිම්බෝම්බ නිරීක්ෂණ චාරිකාවට එකව සිටියහ.
යුද සමයේදී පෙරියමඩු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ ප්‍රදේශයක් වන අතර ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයන් වෙතට ආසන්න වන විට කොටි සංවිධානය විසින් පෙරිය මඩු ප්‍රදේශයේ බිම් බෝම්බ ඇතුලු විවිධ වර්ගයේ මර උගුල් විශාල ප්‍රමාණයක් වලදමා ඇති අතර එම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මැග් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටියි.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දින මන්නාරම් ප්‍රදේශයට රැගෙන එමේ වැඩසටහන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කොට තිබූ අතර සියලුම ක්‍රීඩකයින්ට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රීලංකා ගුවන් හමුදාව ඇතුලු කොමාන්ඩෝ බලකාය විසින් ලබා දී තිබූණි.
මධුශංඛ අමරසිංහ