ප්රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්රභල ප්රංශ කණ්ඩායම සමත්විය. ඒ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගය අල්- බයිට් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේ 17 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ ප්රංශ මැදපෙළ ක්රීඩක ඔරෙලියන් චුවාමෙනි දර්ශණිය අන්දමින් ප්රංශයට ගෝලයක් වාර්තා කර දුන්නේය. ඒ් අනුව පළමු අර්ධය නිමාවූයේ ගෝල 1-0 ක් ලෙස ප්රංශය ඉදිරියෙන් සිටීමිනි. නමුත් දෙවැනි අර්ධයේ 54 වැනි මිනිත්තුවේදි එංගලන්ත නායක හැරී කේන් ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1 ක් ලෙස සමතත්වයට රැගෙන ආවේය.
කෙසේ වෙතත් 78 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ ප්රංශ සුපිරි ඉදිරිපෙළ ක්රීඩක ඔලිවර් ජිරවුඩ් දෙවැනි ගෝලය ප්රංශයට වාර්තා කර දුන්නේය.
තරගයේ 84 වැනි මිනිත්තුවේදී එංගලන්තයට නැවතත් දඩුවම් පහරක් ලැබුණද එය සාර්ථක කර ගැනීමට නායක හැරී කේන් අසමත් විය.
මේ අනුව අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ප්රංශය මොරොක්කෝව සමගින් එළඹෙනදා (15දා) අල් බයිට් ක්රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.