පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ඒෂාන් මානි මහතා පත්කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ භාණ්ඩගාරික ලෙසත් එහි ප්‍රධානියා ලෙසත් ඔහු වසර තුන බැගින් සේවය කර තිබේ.
කෙසේ වෙතත් මීට වසර දෙකකට පෙර ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් කඩා වැටීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි. එවැනි ප්‍රකාශයක් කර තිබියදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විසින්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති පත්කිරීම විවාදයට කරුණක් බව මේ පිළිබඳව සමාජ මාධ්‍ය ගිණුම් හරහා අදහස් ප්‍රකාශ කරන්නන් පවසයි.