විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 3 ක් සඳහා සහභාගිවන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා ක්රිකට් සංචිතයට එළි දක්වා ඇත. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම තරගාවලියේදී කුසල් මෙන්ඩිස් එක්දින තරගාවලියේදීද, වනිඳු හසරංග විස්සයි විස්ස තරගාවලියේදීද උප නායකත්වය දරයි.
මෙම කණ්ඩායමට පසුගිය එල්.පී.එල්. තරගාවලියේදී දස්කම් දැක්වූ සධීර සමරවික්රම හා අවිශ්ක ප්රනාන්දුට නැවතත් කණ්ඩායමේ ඉඩ වෙන්වී ඇත. සධීර පසුගිය 2021 වර්ෂයේ ජුලි මාසයෙන් පසු අන්තර්ජාතීක පිටියේදී දක්නට නොලැබිණි. ඒමෙන්ම අවිශ්ක ප්රනාන්දු අවසන්වරට අන්තර්ජාතික පිටියේදී දක්නට ලැබුනේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
කෙසේ වෙතත් අවිශ්ක එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුනු ලාභීයා වූ අතර සධීර තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
මේ අතර තවමත් අන්තර්ජාතික වරම් හිමිකර නොගත් නුවනිඳු ප්රනාන්දුද මෙම කණ්ඩායමට එක්වී ඇත.
තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්රනාන්දු, සධීර සමරවික්රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ (විස්සයි විස්ස තරග සඳහා පමණයි), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (ඒක්දින තරගාවලියට පමණයි), චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, නුවනිඳු ප්රනාන්දු (එක්දින තරගාවලියට පමණයි), දුනිත් වෙල්ලාලගේ, ප්රමෝද් මධුෂාන්, ළහිරු කුමාර, නුවන් තුෂාර(විස්සයි විස්ස තරගාවලියට පමණයි.)