ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියකට එක්වීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා බලා පිටත්ව තිබේ.
ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි, රෝහිත් ශර්මා ඇතුළු ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටම මෙම තරගාවලියට එක්ව නොමැත.
ජුලි 13දා ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය.
තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත්වෙයි.