ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට පහරදීම පිළිබඳ අත්අඩංගුවට ගත් කාන්තාව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල කොට ඇත. සප්නා ගිල් නැමති මෙම කාන්තාව ඇතුළු තිදෙනෙකු මෙම ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන සප්නා ගිල් නැමති මෙම 31 හැවිරිදි කාන්තාව පවසන්නේ, ප්‍රිත්වි හා ඔහුගේ මිතුරා තමන්ව ශාරීරිකව අපයෝජනයට ලක්කිරීමට තැත්කළ බවයි.
මීට දින කිහිපයකට පෙර ප්‍රිත්වි ෂෝ හා ඔහුගේ මිතුරු අෂිෂ් සුරේන්ද්‍ර යාදව් මෙම සිදුවීමට මුහුණ පෑවේ ඔවුන් දෙදෙනා තරුපහේ හෝටලයක රාත්‍රී ආහාරයට ගිය අවස්ථාවේදීය.
විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ එහිදී පිරිසක් ප්‍රිත්වි සමගින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ඉල්ලීමක් කර ඇති බවත්,ඔහු පළමුව එම ඉල්ලීම පිළිගෙන ඔවුන් සමගින් ඡායාරූප ලබාගෙන ඇත බවත්ය. නමුත් දිගින් දිගටම ඔවුන් ඡායාරූප ගැනීමට ප්රිත්විට බලකිරීමත් සමගින් ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ හෝටලයේ කළමනාකරුවෙකුට පැමිණිලි කර ඇත. කෙසේ වෙතත් පසුව පිරිසක් පැමිණ ප්‍රිත්වි සහ ඔහුගේ මිතුරා පැමිණි මෝටර් රථයට බේස්බෝල් පිතිවලින් පහරදී අලාභහානි සිදුකර ඇත.
පහරකෑමට ලක්වූ ප්‍රිත්වි හා ඔහුගේ මිතුරා චෝදනා කරන්නේ පහරදීමට අමතරව මෙම පිරිස විසින් ඉන්දීය රුපියල් 50,000ක මුදලක්ද තමන්ගෙන් ඉල්ලා සිටිමින්,එය නොදුනහොත් ව්‍යාජ නඩු පවරන බවට තර්ජනය කර ඇති බවයි.