සංචාරක ඉන්දීය 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. පිටියේ පැවැත්වෙන සිවුදින තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 589ක් රැස්කළේය.
ඉන්දීය ඉනිමේදී ශතක දෙකක් වාර්තා වූ අතර ආරම්භක පිතිකරු ඒ. ටයිඩේ (113), මැදපෙළ පිතිකරු ඒ. බැදෝනි (185) ශතක රැස්කළ පිතිකරුවෝ වෙති.
මෙම තරගයට ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාරද ක්‍රීඩා කරයි. පන්දු 11කට ක්‍රීඩාකළ අර්ජුන් ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා පළමු ඉනමට ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය. ඒහිදි අර්ජුන් පන්දුවාර 11කදී ලකුණු 33කට ඒක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය. අර්ජුන් වේග පන්දු යවන ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරයි.
ලකුණු 345ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.2කදී එක් කඩුල්ලකට ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
අද තරගයේ තෙවැනි දිනය වන අතර හෙටින් තරගය නිමාවෙයි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශ්‍රි ලංකාවට අද දිනය පුරාත් හෙට දිනය පුරාත් පන්දූවට පහරදිය යුතු වෙයි.