ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය. ඇඩිලේඩ් ඕවල් ක්රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 184 ක් ලබා ගත්තෙය.
විරාත් කෝලි එහිදී ලකුනු 64 ක් රැස් කලේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 16 කදී ලකුණු 145 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර 16 අවසානයේ කඩුළු 6 ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුනු 145 පමණි.
මේ සමගින් ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටය ආසන්නයටම පැමිණ ඇත. ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ සිම්බාබ්වේ සමග එළඹෙන නොවැම්බර් 06 වැනිදා තරගය පමණි.