ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්රිකට් තරගාවලිය ශ්රී ලංකාවෙන් පාකිස්තානය වෙත ගෙන ගොස් තිබේ. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ශ්රී ලංකාවේ හම්බන්තෙට ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් ලබාගැනීම හා ශ්රී ලංකාව දින 10කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙසේ තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ඇෆ්ගනිස්තානය මුලින්ම පාකිස්තානයට මාර්ගයෙන් ගමන් කර පාකිස්තානයේ සිට ඩුබායි වෙතත් ඩුබායි සිට කොළඹටත් ගුවන් මගින් ගමන් කිරීමට මුලින් සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් දැන් එම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර ඇති අතර තරග තුනකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් 03දා ආරම්භ කිරීමට නියමිතය.