පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහගිවීමෙන් පසු යළි එංගලන්තයට පැමිණි ඇලෙක්ස් හෙල්ස්ට කෝවිඩ්-19 වෛරසයේ රෝගී ලක්ෂණ පෙන්නුම්කළ හෙයින් ඔහු ස්වයං නිරෝදානයකට ලක්වීමට තීරණය කර ඇත.
එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් විසින්ම තමාට කෝවිඩ්-19 වෛරසයේ රෝගී ලක්ෂ තිබෙන බව තහවුරු කර ඇත. කෙසේ නමුත් එහි වෛද්‍යා වාර්තා අද (17දා) සන්ධ්‍යාව වන තෙක් ලැබී නොතිබුණද, ඔහු ස්වයං නිරෝධානයකට ලක්වීමට තීරණය කර ඇත.
පී.එස්.එල්. තරගාවලියේදී හේල්ස් කරච්චි කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ අතර, එම කණ්ඩායමද අවසන් පූර්ව වටයද සුදුමුකම් ලැබීය. කෙසේ නමුත් එම තරග අද (17දා) පැවැත්වීමට නියමිතවම තිබුණද, පාකිස්තානු ක්‍රිකට් ආයතනය නැවත දැනුම්දෙන තුරු කල්දැමිණි.
හේල්ස් අවසන් වරට කරච්චි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළේ මාර්තු මස 08 වැනිදාය. එහෙත් ඔහු ඉකුත් පෙබරවාරි මස 29 වැනදා සිට පාකිස්තායේ රැදී සිටියේය.