'කෝවිඩ්-19' වසංගතය ඇමෙරිකාවට තවමත් පාලනය කරගත නොහැකි වූ අවස්ථාවක ලෝ ප්‍රකට ඇමෙරිකන් විවෘත (US Open) ටෙනිස් තරගාවලිය මෙම වසරේදී ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට ඇමෙරිකා ටෙනිස් සම්මේලනය තීරණය කර ඇත.
මේ අතර ජාත්‍යන්තර ටෙනිස් පිටියේ නමගිය බොහෝ ක්‍රීඩකයන් මෙවර තරගාවලියට සහභාගි වීමට සිය අකමැත්ත පළකර ඇති බවද වාර්තා වේ.
එහෙත් වෘත්තීය ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගම් මෙම තරගාවලිය පැවැත්වීම සඳහා යම් වැඩපිළිවෙළක් යොදනු ඇති බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් %ෆෝබ්ස්^ වේබ් අඩවිය පවසයි. තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා නිව්යෝර්ක්හිදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
වසර 140ක (1881 වසරේ සිට) අතීතයක් ඇති ඇමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය, ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි හතරෙන් එකක්ද වෙයි.
චීනය මූලික කරගනිමින් 'කෝවිඩ්-19' වෛරසය බිහිවූවත්, අදවන විට වෛරසයෙන් විශාල වශයෙන් බැටකන රට බවට ඇමෙරිකාව පත්ව සිටින්නේ ආසාදියන් සංඛ්‍යාව ලක්ෂ 21 සීමාවද පසුකරමිනි. එරට මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත.