ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණ පැවැත්වීමේ මූලික කටයුතු සඳහාවූ විශේෂ රැස්වීම් පහක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබේ.
ඉකුත් 21 දා සිට ලියාපදිංචිය අත් හිටවූ එකී සංගම්/සම්මේලන පහේ පරිපාලනය හා වෙනත් කාර්යන් යථා පරිදි ඉටුකිරිම සඳහා සහ අදාළ නිලවරණයන් කැඳවා පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ,රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධරයා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබීය.
ඒ අනුව එකී සංගම්/සම්මේලන පහේ නිලවරණ කමිටු හඳුන්වාදීම සහ ඒවායේ තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මස 16 17 ,18,19 සහ 22 දිනවලදී පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ හතරවැනි මහලේ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දුනු ශිල්ප සංගමයට 16 දා, කබඩි සම්මේලනයට 17 දා ,මල්ලවපොර සම්මේලනයට 18 දා , බ්‍රිජ් සම්මේලනයට 19 දා , රෝද සපත්තු සංගමයට 22 දා වශයෙන් මෙම රැස්වීම් දින ලබාදී තිබේ.
මෙකී සංගම්/සම්මේලනවල ව්‍යවස්ථාවන්ට අනුව අනුබද්ධ ක්‍රීඩා සමාජ/සංගම්වල නියෝජිතයන්ට මෙකී රැස්වීම්වලට අනන්‍යතාවය තහවුරු කරමින් සහභාගී විය හැකි බැව් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.