30 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශීය හා විදේශීය ආරක්ෂක නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි ක්‍රීඩා, විදේශ රැකියා සහ විදුලි සන්දේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය .
බදුල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැති රැස්විමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදින් විමසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද පැවසීය ,
“මෙම ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ඇමති ආරක්ෂක නිලධාරින් 3 දෙනෙක් හා ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ආරක්ෂක නිලධාරින් 4 දෙනෙක් සහභාගිවී සිටිනවා .
මෙම තරගාවලිය සඳහා මුලින්ම එරටට ගිය විදේශීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමයි .
ශ්‍රී ලංකා දැනට පවතින ව්‍යාකූල තත්ත්වය නිසා පුහුණුවීම් කටයුතුවලට බාධා ඇති නිසා කලින්ම ඒරටට ගොස් එහිදි පුහුණුවීම් කටයුතු වලට සහභාගි වෙනවා . එමෙන්ම පුහුණු තරග 4 කට සහභාගි වෙනවා
ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව අප ඉන්නේ පහළ තැනක එතැනින් එහාට වැටෙන්න තැනක් නැහැ ගොඩඒමක් තමයි අවශ්‍ය වෙන්නේ .
පසුගිය කාලයේ දැක්වු දක්ෂතා අනුව හොඳම 15 දෙනෙක් මේ කණ්ඩායමට සහභාගිවි සිටිනවා.
මං හිතනවා ඒ සඳහා අවශ්‍යවන්නේ මේ කණ්ඩායමට ආත්ම විශ්වාසයයි . ඒ අනුව කටයුතු කළොත් ජයග්‍රහණය කරා යා හැකි යැයිද පැවසීය.
ඇමතිතුමා ,මේ ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වන්න එංගලන්තයට යනවාදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඇමති වරයා පැවසුවේ ,
ඇමතිකම් අද තියෙයි හෙට නැතිවෙයි
කොහොම උනත් මම වෙනදා මෙන්ම මෙවරද ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා යනුවෙන් පැවසීය .
බදුල්ල - පාලිත ආරියවංශ