ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි ප්‍රධානම බලාපොරොත්තුවක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු ක්‍රීඩක ඩේල් ස්ටේන් දිවයිනට පැමිණ සිටියි. මේ වනවිට හම්බන්තොට බලා පිටත්වගොස් සිටින ස්ටේන්, විදෙස් ක්‍රීඩකයන් නිරෝදායනය වීම සඳහා ස්ථාපිකර ඇති ස්ථානයේ රැඳී සිටියි.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමින් ඩේල් ස්ටේන් පවසා සිටියේ, තවත් දින කිහිපයකින් කැන්ඩි ටස්කර්ස් සමගින් එක්වන බවයි.
“ආයුබෝවන් ශ්‍රී ලංකා. හැමෝම හොදින් කියලා හිතනවා. මම ඉතාමත් හොඳින් ඉන්නවා. තව දින කිහිපයකින් කැන්ඩි ටස්කර්ස් සමගින් එක්වෙනවා” ස්ටේන් පවසයි.
පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර්ට මෙරටට පැමිණීමෙන් පසු “කොවිඩ් -19” සඳහා සිදුකළ පරීක්ෂණයෙන් ඔහු ධණාත්මක වීමෙන් පසු ආදේශක ක්‍රීඩකයා ලෙස ඩේල් ස්ටේන් කැඳවීමට පියවර ගනු ලැබීය.
කෙසේ නමුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මේ වනවිට තරග දෙකකට ක්‍රීඩාකර ඇති අතර, ස්ටේන් බොහෝ දුරට සිය නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසු මේ මස 09 වැනිදා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩාකිරීමට නියමිත බව වාර්තා වේ.