ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටියි.
ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු 20යි 20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂට 20යි 20 තරගාවලියම අහිමි වී ඇති බව වාර්තා වෙයි.
පළමු 20යි 20 තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද පාදයක ආබාධයකට ලක්ව සිටියි.
පැතුම් නිස්සංක ද පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබේ.