මෙවර පාපන්දු ලෝක කුසලානයට එක්ව සිටින ප්‍රභල කණ්ඩායමක් වන ආජන්ටිනා කණ්ඩාම තරගාවලියේ පළමු වටයෙන් ඉවතට යෑමේ අවධානමකට පත්ව තිබේ. ඒ ඔවුන් තරගාවලියේ එක්වූ දෙවැනි තරගයෙන්ද ක්‍රොඒෂියාව හමුවේ ගෝල 0-3ක පරාජයක් ලබාගැනීම හේතුවෙනි.
ඊයේ (21දා) පැවැති තරගාවලියේ ආජන්ටිනාවට අභියෝගයක් වූ ක්‍රොඒෂියාව තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග විලාශයක් පෙන්නුම් කළේය. එසේම ආජන්ටිනාවට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මග හැරුණු.
ආජන්ටිනා දැළ රකින ක්‍රීඩක විලී කාබෙලෙරෝගේ දුර්වල ක්‍රීඩා විලාශය මෙම තරගයේ පරාජයට පූර්ණ ලෙස බලපෑ බව විචාරකයන්ගේ අදහසයි.
පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. දෙවැනි අර්ධයේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් රෙබෙක් (53), මොඩ්රික් (80) හා රැක්ටික් (91) ගෝල වාර්තා කිරීමට සමත්වූහ. මෙය ඩී කාණ්ඩයේ තරගයක් විය.
ආජන්ටිනාව සහභාගීවූ පළමු තරගය වූ අයිස්ලන්තයට එරෙහි තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය. අයිස්ලන්තය ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ පළමු අවස්ථාවටය.
ආජන්ටිනාව නියෝජනය කරන ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.