පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසීෆ් අෆ්රිඩිට වසර දෙකක තහනමක් පැනවීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ඉකුත් 2022 වසරේ පාකිස්තාන කුසලානය වෙනුවෙන් පැවැති තරගාවලියේදී පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කළ බවට 36හැවිරිදි අෆ්රිඩිට චෝදනා එල්ල විය. මෙම තරගාවලියේ අනුශූරයන් වූ කයිබර් පක්තුන්ඛාවා කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩාකර ඇත.
ඒ අනුව ඉකුත් 2022 සැප්තැම්බර් 12වැනි දින තාවකාලිකව පනවන ලද තහනම, එතැන් සිට දෙවසරක් යනතුරු ක්‍රියාත්මක වනු ඇත.
අෆ්රිඩි කළ වරදේ නිශ්චිත ස්වභාවය පාකිස්තානු ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධියට පත්කර නොමැති නමුත්, ඔහු සිදුකර ඇති වරද අනුව ජීවිත කාලය පුරාවටම තහනමක් පැනවිය හැකි බව ඔවුන් සඳහන් කරයි. නමුත් ඔහු කළ වරද පිළිගැනීම, ඒ පිළිබඳ පසුතැවීම සහ අතීත වාර්තාවන් සැලකිල්ලට ගෙන දෙවසරක තහනමක් පමණක් පනවා ඇත.
වමත් දඟපන්දු යවන්නෙකු වන අෆ්රිඩි පාකිස්තානය වෙනුවෙන් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැත. නමුත් පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව සිදුකළ පාකිස්තානු සංචාරයේ ඔහු පාකිස්තානු එක්දින හා විස්සයි20 සංචිතයට නම්කරන ලදී. එමෙන්ම ඔහු පාකිස්තානු සුපර් ලීගයේද මුල්තාන් සුල්තාන් වෙනුවෙන්ද ක්‍රීඩා කර ඇත.
අසීෆ් අෆ්රිඩි