ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
වර්තමාන කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා මේ වන විට ක්රියාත්මක එංගලන්ත තරගාවලියෙන් පසුව පෞද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉවත්වන බව දන්වා තිබේ. ඒ අනුව ජයරත්න මහතා එම තනතුරට පත්කර තිබේ.
ජයරත්න මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන ක්රිකට් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස ඔහු පත් කිරීම අතුරු පියවරකි.
වෘත්තීය පුහුණුකරුවෙකු වන ජයරත්න මහතා විදෙස් සංචාර ගණනාවක ජාතික කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මෑතකදී ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස සේවය කළේය.